ශ්‍රී ලංකාවට ජය පෙනෙන මානයේ අවසන් දිනය ඇරඹෙයි

Wednesday, 03 April 2024 - 9:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ අවසන් දිනය අද (03) ක්‍රියාත්මක වනවා.

තරගයේ වැඩි ගෞරව හිමිකර ගනිමින් පන්දු යැවීම සඳහා පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 267ට කඩුලු 07ක් දැවී අසීරු තත්ත්වයක පසුවනවා.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී යමින් පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කළේ, කිසිදු ක්‍රීඩකයෙකු ශතකයක් ලබා නොගනිමින් ඉනිමක දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළ ම ලකුණු පුවරුව නිර්මාණය කරමින්.

එහි දී ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණියේ මුල්පෙළ සහ මැදපෙළ ක්‍රීඩකයන් කලකට පසු පිටියේ එක දිගට ස්ථාවර වෙමින් එම ලකුණු පුවරුව නිර්මාණය කළා.

එහි දී කමිදු මෙන්ඩිස් නැවතත් සාර්ථක ඉනිමක් දියත් කරමින් ලකුණු 92ක් ද ඊට නොදෙවෙනි වෙමින් නායක ධනංජය සිල්වා ලකුණු 70ක් ද, කුසල් මෙන්ඩිස් වටිනා ලකුණු 93ක් ද, දිමුත් කරුණාරත්න ලකුණු 86ක් ද, නිෂාන් මධුෂ්ක ලකුණු 57ක් ද හා දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක් ද වශයෙන් ලබා ගත්තා.

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ඉනිමේ පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන්, කලකට පසු සිය කණ්ඩායම හා එක් වූ පළපුරුදු ක්‍රීඩක ශකීබ් අල් හසන් ලකුණු 3ක් ද, නවක ක්‍රීඩක හසන් මහමුද් කඩුලු 2ක් ද බිඳ දැමුවා.

අනතුරුව පළමු ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 178කට දැවී ගියේ අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ අසරණ වෙමින්.

එම පන්දු යැවීම් හමුවේ යම් තාක් හෝ බංග්ලාදේශය වෙනුවෙන් පිරියේ ස්ථාවර වූයේ සාකිර් හසන් සහ මොමිනුල් හක් පමණයි. එහි දී සාකීර් හසන් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 54ක් රැස් කළා.

එවන් තත්ත්වයක් යටතේ බංග්ලාදේශයට දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට ආරාධනා කරයි යැයි සිතුවත් ශ්‍රී ලංකා ඉනිම යළි සිය දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට ආරම්භ කළා.

එම ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර ඉනිමේ තරම් කැපී පෙනෙන ලකුණු පුවරුවක් නිර්මාණය නොකළත් බංග්ලාදේශයට නැවත වතාවක් ලකුණු පන්සියයකට වැඩි ඉල්ලකයක් තරග ජයග්‍රහණය සඳහා ලබා දුන්නේ, සිය දේශයේ දී ම ඔවුන්ගේ මානසික තත්ත්වය බිංදුවට ඇද දමමින්.

කෙසේ නමුත් යළිත් ලකුණු 500කට වැඩි ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේ අරමුණින් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිම තුනකට පසු ලකුණු 200 සීමාව පසු කිරීමට සමත් වී සිටිනවා.

නමුත් ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට හෝ ජය පැරදුමකින් තොරව නිමා කරමින් සිය බිමේ දී තම ගෞරවය රැක ගැනීමේ අසීරු තත්ත්වයේ පසුවන බංග්ලාදේශය මේ වන විට කඩුලු 7කට ලකුණු 268ක් ලබාගෙන සිටින්නේ අසීරු තත්ත්වයකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories