ජේතවනේ පැල්ම නවතී

Wednesday, 03 April 2024 - 11:11

%E0%B6%A2%E0%B7%9A%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
ඉකුත් දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළ ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් ප්‍රසාරණය වීම මේ වනවිට නැවතී ඇතැයි ස්තූපය නිරීක්ෂණය කිරීම සඳහා පත්කළ විද්වත් කමිටු සාමාජික, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර පවසනවා.

ජේතවනාරාම ස්තූපයේ පැළුම් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවැති මාධ්‍ය හමුවක දී යි මහාචාර්යවරයා මේ බව අනාවරණය කළේ.

එහි දී මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පිපිරුම් වර්ධනය වී ඇත්තේ, මීටර දශම දෙකක් වන අතර 2016 සිට 2020 දක්වා මීටර 12ක් සහ 2020 සිට 2023 දක්වා කාලය තුළ මීටර 9ක් වශයෙන් එම පැළුම් වර්ධනය වී තිබූ බවයි.

කෙසේ නමුත් මේ වන විට ස්තූපයේ පිපිරුම්වලට බදාම යොදා සීල් කර ඇති අතර පැළුම් වර්ධනය වීම පාලනය කිරීම සඳහා ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාළ කිරීම වැදගත් බව ද මහාචාර්යවරයා අනාවරණය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories