මෛත්‍රීගේ සභාපති ධූරයට පැනවූ වාරණය දීර්ඝ කෙරේ (වීඩියෝ)

Thursday, 18 April 2024 - 10:29

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය මැයි මස 09 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 4 වැනිදා
වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ ඔහු පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

දින 14ක් දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළ එම වාරණ නියෝගය අද පෙරවරුවේ යළි සළකා බැලුනා.

ඒ අනුව එම වාරණ නියෝගය ලබන මැයි මස 09වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ දිසා අධිකරණය නියෝග කළේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත් කරමින් පසුගිය 08 වැනිදා පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සිදුකළ නව පත්කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මැතිවරණ කොමිසම හමුවේ විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පවතින නීතිමය තත්ත්වය සළකා බලන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුධය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories