මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට (වීඩියෝ)

Thursday, 18 April 2024 - 14:04

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බදු ගෙවන ජනතාවට පිරිසිදු නගරයක් උරුම කර දීම නගර පාලනාධිකාරියක වගකීමක්

නමුත් බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඓතිහාසික මහනුවර නගරය කැළි කසළින් පිරි ගොස් තිබෙනවා

මේ ඓතිහාසික මහනුවර නගරයේ ස්ථාන කිහිපයක කසළ ගොඩ ගැසී ඇති ආකාරයයි.

උත්සව සමයේදී කසළ ඉවත් කිරීමේ කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් නගරය කැළි කසළින් පිරී ගොස් තිබෙනවා.

ප්‍රධාන වෙළෙද සංකීර්ණය අවට,බස් නැවතුම් පොළ සහ ජනතාව නිතර ගැවසෙන ස්ථාන රැසක මෙලෙස කසළ ගොඩ ගැසී තිබෙනවා.

නගරය පුරා දැඩි දුර්ගන්ධයක්ද පැතිර යාම හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

මෙලෙස මහනුවර නගරය කසළින් පිරී යාම ජනතාගේ සෞඛ්‍යටද එල්ලකරන්නේ දැඩි තර්ජනයක් මේ සම්බන්ධව අප නගර සභා සේවකයන්ගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කසළ ඉවත් කිරීමේ ට්‍රැක්ටරය අපදාවකට ලක්ව තිබීම මීට හේතුව බවයි

දළදා සමිඳුන් වැඩ සිටින පූජනීය නගරයක් වන මහනුවර උත්සව සමයේ දුගඳ හමන නගරයක් බවට පත්ව කළ බලධාරීන් තවත් කල් නොමරා මීට නිසි පිළියම්යෙ දීමට කටුයුතු කළ යුතු නොවේද?




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories