රුසියානු මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 18ක් ජීවිතක්ෂයට

Thursday, 18 April 2024 - 19:51

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+18%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
යුක්‍රේනයේ ඓතිහාසික නගරයක් වන චනිගිව් නගරයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රුසියාව එම ප්‍රහාරය සඳහා මිසයිල 03ක් යොදා ගෙන ඇති අතර, මිය ගිය පිරිස් අතර ළමුන් 04 දෙනෙකු සිටින බව සඳහන්.

ගොඩනැගිලි කිහිපයක් ඉන් විනාශ වී ඇති අතර, ඊට යටවී සිටින පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

එම ප්‍රහාරයෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපති වොලොදිමීයර් සෙලෙන්ස්කි බටහිර රටවල්වලින් අධාර ඉල්ලා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories