ජනපති චමරිට සුබ පතයි

Thursday, 18 April 2024 - 20:01

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක්කර කර තිබෙනවා.

ඇයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට කාන්තා ක්‍රිකට් ප්‍රතිරූපය ඉහල නැංවිම සඳහා චමරි අත්පත්තු ප්‍රධාන කාර්ය භාරයක් සිදුකර ඇති බවයි.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ (17) පැවති තුන්වන එක්දින තරගයේදී චමරි අතපත්තු පන්දු 139 කදී නොදැවී ලකුණු 195ක් රැස් කළේ කාන්තා එක්දින පිටියේ පිතිකාරියක රැස්කළ තුන්වන හොඳම ඉනිම සහ ලකුණු හඹා යාමේදි වාර්තා වු දෙවන හොඳම ඉනිම ලෙස එය සටහන් කර ගනිමින්.

චමරි අතපත්තුගේ සුපිරි ඉනිම හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට හැකි වූ අතර පන්දුවාර විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුණා.

එසේම මෙය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම හඹා යාම ලෙසයි වාර්තා පොතට එක් වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories