ට්‍රම්ප්ගේ නඩු විභාගය අතරතුර පුද්ගලයෙකු ගිනි තබාගනී

Saturday, 20 April 2024 - 11:50

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ජූරි සභාවට ඉදිරිපත්වන අවස්ථාවේදී යම්කිසි දියරයක් සිරුරට හලාගත් මෙම පුද්ගලයා ගිනි තබාගෙන ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මොහු 37 හැවිරිදි වියේ පසුවන මැක්ස්වෙල් අසාරෙලෝ ලෙස හඳුනාගෙන ඇති අතර, සිද්ධියෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ඔහු රෝහල් ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් මොහු කිසිදු අපරාධයකට සම්බන්ධ බවට වාර්තා වී නොමැති අතර, ගිනි තබාගැනීමට පෙර අසල පිහිටි උද්‍යානයක අවට සැරිසරමින් සිටි බවට තොරතුරු වාර්තාවී තිබූ බවයි ඇමරිකානු පොලිසිය සඳහන් කළේ.

මැන්හැටන් අධිකරණයේ විභාග කෙරෙන්නේ 2016 අමරිකානු ජනපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ට්‍රම්ප් සිය ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ බවට සඳහන් නඩුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories