ඔලිම්පික් යන ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා අපෙන් (වීඩියෝ)

Saturday, 20 April 2024 - 14:49

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B6%E0%B7%90%E0%B6%A9%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි බැඩ්මින්ටන් කේවල ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගත් ලොව ලබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා බවට පත් වන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ සමත් වුණා.

ඔලිම්පික් නියෝජනය සඳහා වූ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 24,030ක් රැස්කර ගෙන සිටින විරේන් ඔලිම්පික් බැඩ්මින්ටන් තරග සඳහා සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයින් 35 දෙනා අතර පසුවන්නේ 32 වැනි ස්ථානයේයි.

ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහට මෙම අවස්ථාව හිමිවුණේ ඔලිම්පික් නිනී සහ රෙගුලාසි වලට අනුව එක් ඉසව්වක් නියෝජනය කිරීම සඳහා එක් රටකින් ක්‍රීඩකයින් දෙදෙනෙකුට පමණක් අවස්ථාව හිමි වීමත් සමගයි.

ඒ අනුව විරේන් නෙත්තසිංහ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීම ගැන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories