උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා පුරාවෘත්තය වූ නාගලිංගම් එදිරිවීරසිංහම් ජීවිතක්ෂයට පත්වෙයි

Saturday, 20 April 2024 - 21:29

%E0%B6%8B%E0%B7%83+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%89%E0%B7%83%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වූ නාගලිංගම් එදිරිවීරසිංහම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී වාසය කරමින් සිටියදීයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

1952 හා 1956 ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ නාගලිංගම් එදිරිවීරසිංහම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් දිනාදුන් පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක්වනවා.

1954 මැනිලා, 1958 තෝක්යෝ, 1962 ජකාර්තා ආසියානු ක්‍රීඩා උළෙල වලට සහභාගී වෙමින් 1958 දී උස පැනීමේ රන් පදක්කම හා 1962 දී රිදී පදක්ක දිනා ගැනීමට ඔහු සමත් වුණා.

ඔහු 1958 වසරේ ජපානයේ පැවැති තෙවැනි ආසියානු ක්‍රීඩා උළෙලේ උස පැනීම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, එය ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලාංකිකයෙකු දිනූ ප්‍රථම රන් පදක්කමයි.

එමෙන්ම 1952 හා 1956 වර්ෂයන්හි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවා නියෝජනය කළ අයෙකු වන එදිරිවීරසිංහම්, උස පැනීමේ ඉසව්වෙන් ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයාද වෙනවා.

මලල ක්‍රීඩකයෙකු වගේම දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වන එදිරිවීරසිංහම්, මලල ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ලොව පුරා විශ්වවිද්‍යාල කිහිපයක කටයුතු කළ ආචාර්යවරයෙක් වූවා.

ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම සියරා ලියොන්, පැපුවා නිව්ගිනියා සහ නයිජීරියාවේ විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර අප්‍රිකානු රටක් වන සියෙරා ලියොන්හි සිටියදී එම විශ්වවිද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories