දියතලාව අනතුර ගැන ආරම්භක ෆොක්ස් හිල් තරගයේ වීරයාගෙන් හිරුට අනාවරණයක් (වීඩියෝ)

Monday, 22 April 2024 - 20:09

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B7%86%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දියතලාව - නරියාකන්ද ධාවනපථයේ පැවති ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් තරග සංවිධායකයින්ට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙම අනතුර සම්බන්ධයෙන් 1993 වසරේ සමාරම්භක ‍ෆෝක්හිල් තරගාවලියේ ශූරයා වන ශේන් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකථන සංවාදයක එක් වුණා.

ඔහු කියා සිටියේ ධාවන පථය අවශ්‍ය පරිදි තෙතමනය කර නොමැති වීම තුළ ඇති වූ දූවිලි හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.

කෙසේ වෙතත් තරගාවලිය සංවිධානය කළ පාර්ශවයක් වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට් හි සභාපති අශ්හර් අමීන්ගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසා සිටියා.

ඔහු සදහන් කළේ මෙම අනතුර ප්‍රේක්ෂකයන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූවක් බවයි.

ඊයේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු මියගිය අතර 18 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඉන් 11 දෙනෙකු දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව හතක්.

ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර ප්‍රකාශ කළේ.

අනතුරින් මියගිය පිරිස අතර වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්, සීදුව සහ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් එක් අයෙකු බැගින් ද සිටිනවා.

එමෙන්ම දැනට යුද හමුදා සේවයේ යෙදෙන සෙබළෙකුද මියගිය පිරිසට අයත්.

මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සදහා අවශ්‍යතාවය මත උපකාර කිරීමට ඔවුන්ගේ ප්‍රදේශයන්වල ළගම යුද හමුදා කදවුර දැනුවත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සඳහන් කළා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

36 සහ 47 යන වයස්වල පසුවන මාතර සහ පේරාදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ධාවකයින් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනුනේ අද උදෑසනයි.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවල අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

තරගය පැවැත්වෙන අවස්ථාවේදී ආරක්ෂක වැට අසළට නොපැමිණෙන ලෙස යුද හමුදා නිලධාරීන් විසින් නරඹන්නන්ට කිහිප අවස්ථාවකදී උපදෙස් ලබාදී තිබුණා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අනතුර සම්බන්ධයෙන් කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා බීමතින් සිටියේද යන්න පිළිබඳව විමර්ශනක් සිදු කරන බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories