ෆොක්ස් හිල් රියැදුරන්ගෙන් මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක්

Monday, 22 April 2024 - 23:19

%E0%B7%86%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දියතලාව ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී සිදු වූ අනතුරට සම්බන්ධ මෝටර් රථ ධාවකයින් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

ඒ අතර දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් එම දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදුකරනු ලැබුවා.

එහි දී එක් රියදුරෙක් පවසා සිටියේ මෙවැනි අදහසක්.

''වාහනේ මම දැක්කේ නෑ පෙරළිලා තියෙනවා. වාහන දෙකක් විතර එකට ගියා. මම තමයි දකුණු පැත්තෙන් ගියේ. කාර් දෙකම ඇඳිලා ගියා දකුණු පැත්තට. එච්චරයි මතක. මම ඇස් වහ ගත්තා.''

මෙම අනතුරෙන් හත්දෙනෙකුට දිවි අහිමි වුණා.

ඒ අතරට වැලිමඩ පදිංචි 08 හැවිරිදි ශිව කුමාර් දිනුෂිකා සහ ඇයගේ සීයා වන 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාර් ද අයත්.

මියගිය සෙසු පිරිස අතර පිළිමතලාවේ පදිංචි රසික අබේනායක, සීදුව පදිංචි චමත් නිරෝෂන්, අකුරැස්ස පදිංචි අසේන් හීනටිගල, මාතර පදිංචි ගනේෂ් ජයවර්ධන සහ ශාන්ත උපාලිගමගේ යන අය වනවා.

අනතුරින් අනතුරින් ජීවිතක්ෂයට චමත් නිරෝෂන් සහ අසේන් හීනටිගල 19 හැවිරිදි සහ 20 හැවිරිදි වියෙහි පසුවු තරුණයින්.

අනතුරින් මියගිය මාතර පදිංචි ගනේෂ් ජයවර්ධන සහ ශාන්ත උපාලි ගමගේ තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අනතුරින් මියගිය එක්දරු පියෙකු වූ රසික අබේනායක යුද හමුදා සාමාජිකයෙක් වන අතර ඔහු යුධ හමුදා රගර් කණ්ඩායම ද නියෝජනය කළා.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු මෙම තරගාවලිය සංවිධාන කළ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී යුද හමුදාව සඳහන් කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු දියතලාව සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කෙරුණු අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

සෙසු 18 දෙනාගෙන් 11 දෙනෙකු දියතලාව මූලික රෝහලේත් 07 දෙනෙකු බදුල්ල රෝහලේත් ප්‍රතිකාර ලබන අතර බදුල්ල රෝහලේ සිටින දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ එහි දැඩි සත්කාර ඒකකයේ බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා දියතලාව රෝහල වෙත අද පෙරවරුවේ පැමිණියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories