චීනයට අසුනක් අහිමි වෙයි

Tuesday, 23 April 2024 - 11:40

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෑතකාලීනව චීනයේ බලපෑමට වඩාත් ම ලක්වූ පැසිෆික් කලාපීය රට වන සොලමන් දූපත් රාජ්‍යයේ ජනතාව අතර චීනයට ඇති පිළිගැනීම ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉකුත් දා පැවැති එරට මහ මැතිවරණයෙන් එරට වඩාත් ම ජනාකීර්ණ පළාත වන මලයිටා (Malaita) හි චීන ගැති ප්‍රධාන අමාත්‍යවරයා වු මාටින් ෆිනිට සිය ආසනය අහිමි වීමත් සමගයි.

ඔහුගේ ආසනය අහිමි වීමත් සමඟ සොලමන් දූපත් හරහා බලපෑම ගොඩනැගීමට චීනය දරණ උත්සාහයට බාධා එල්ල වී ඇති බවට විදෙස් දේශපාලන විචාරකයෝ පවසනවා.

එම පළාත තුළ චීන අවශ්‍යතා වේගයෙන් ව්‍යාප්ත කිරීමට මාටින් ෆිනී සහය ලබා දී ඇති අතර එම කටයුතු සමීපව අධීක්‍ෂණය කළ බව ද පැවසෙනවා.

වසර ගණනාවක් පුරා, මලයිටා පළාත චීනයෙන් ආධාර හෝ ආයෝජන පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබූ අතර ඒ එහි සිටි ප්‍රධාන අමාත්‍ය ඩැනියෙල් සුයිඩානි (Daniel Suidani) දැඩිව චීන ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු වීම හේතුවෙන්.

එහෙත් සුයිඩානිව බලයෙන් පහ කර මාටින් ෆිනී 2023 දී මලයිටාවේ හි ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු එම තත්ත්වය සම්පූර්ණයෙන් අනෙක් පස හැරී තිබුණා.

එවන් තත්ත්වයක් යටතේ මාටින් ෆිනී පසුගියදා චීනයේ ජියන්ග්ශු (Jiangsu) පළාත සමඟ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබුණත් ඔහුට සිය ආසනය අහිමි වීමෙන් එම ගිවිසුම ක්‍රියාත්මක වීම අවිනිශ්චිතතාවකට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් සොලමන් දූපතේ චීන තානාපති කාර්යාලය විසින් මාටින් ෆිනී ලබාදුන් සහයෝගය අගය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories