මින්නේරියේ මසුන් ඇල්ලූ ධීවරයෙක් තියුණු ආයුධකින් පහර දී ඝාතනය කෙරේ (වීඩියෝ)

Wednesday, 24 April 2024 - 13:49

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මින්නේරිය ජලාශයේ තහනම් දැල් භාවිත කරමින් මසුන් මැරීමට එරෙහි වූ ධීවරයකු තවත් ධිවරයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමත් සමග උණුසුම් තත්වයක් හට ගැණුනා.

ඒ ප්‍රදේශවාසීන් විසින් ඝාතනය සිදු කළ පුද්ගලයෙකුගේ නිවසට සහ දේපළවලට හානි කිරීමත් සමගයි.

අනතුරුව පොලිසිය මැදිහත් වී තත්ත්වය සමතයකට පත් කර සැකකරුවන්ගේ දරුවන් මින්නේරිය පොලිසියට රැගෙන ආ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මින්නේරිය වැව් බැම්ම මතින් ගමන් කිරීමට පැමිණ සිටියදී ඊයේ පස්වරුවේදී මෙලෙස ඝාතනයට ලක් වූයේ මින්නේරිය - හේන්යාය - මිහිදුමාවත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එක් දරු පියෙක්.

මීට පෙරද තහනම් දැල් භාවිත කිරීම සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයා සහ සැකකරුවන් අතර ආරවුල් හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනයෙන් පසු ඊට සම්බන්ධ ධීවරයින් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් සිටි අතර ඊයේ රාත්‍රියේදී පොලිසිය මොවුන්ව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories