ඉරාන ජනපතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

Wednesday, 24 April 2024 - 14:57

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එම අවස්ථාවට සහභාගී වූ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි පවසා සිටියේ ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බවයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි ඉරාන ජනාධිපතිවරයා පවසා සිටියේ.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී මෙම උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කළා.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්ත වනවා.

පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව එම ජලාශයේ සිට කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා ජලය පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු යනු ලබන බව සඳහන්.

එමඟින් මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිතයි.

එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සහ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම ද සිදු කෙරෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක්.

ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙරටට ලබාදීමට එකඟවී තිබුණද ඉරානයට ලබා දීමට හැකි වුණේ ඩොලර් මිලියන 50ක මුදලක් පමණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories