ශ්‍රි පාද උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා හමුවෙයි (වීඩියෝ)

Wednesday, 24 April 2024 - 22:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%8B%E0%B6%A9+%E0%B6%B8%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී සිටි තරුණයා හමු වී තිබෙනවා.

ඒ ඔහු ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් වතුයායක සිටින විටයි.

වතු කම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා නල්ලතන්නිය පොලිසිය වෙත භාරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

එහි දී එම තරුණයා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී එම තරුණයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

''මට මොකුත් මතක නෑ. මම ගල්ගුහාවල ‍රෑ හිටියා. දවස් හයම මොකුත් කෑවේ නෑ. මගේ අතේ ෆෝන් එක තිබ්බෙත් නෑ. කකුල් දෙක තමයි රිදෙන්නේ''

මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී සිටියේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති වයස අවුරුදු 33ක් වන තරුණයෙක්.

මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග පසුගිය (19) දින උදෑසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී තිබෙනවා.

ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක්ද සිදුකරනු ලැබුවා.

ශ්‍රි පාද මළුවෙන් පහළට පැන ඇති තරුණයා මළුවෙන් පහළට පැනිමට ප්‍රථම සිහි විකල්වි සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වු තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක්ද කර තිබුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories