ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Thursday, 25 April 2024 - 18:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව බෝට්ටු සහ යාත්‍රා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා සමුද්‍ර කර්මාන්ත මණ්ඩලය (CMISL) සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමය (SBIA) අතර මෙම ගිවිසුම අප්‍රේල් 22 වන දින ලෙස සකස් කර ඇති බවයි.

මෙම සංගම් දෙක අතර මූලික සාකච්ඡා සඳහා පහසුකම් සපයන ලද්දේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින්.

බෝට්ටු ක්ෂේත්‍රයේ ධනාත්මක සබඳතා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම තුළින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් උත්සාහයන් සහ සහයෝගීතාව සඳහා ආරම්භක පියවර මෙම අවබෝධතා ගිවිසුම සනිටුහන් කරන බවට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.

අත්සන් තැබීමේදී සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ CMISL සහ SBIA අතර, සහයෝගීතාවය දෙපාර්ශ්වයේම ව්‍යාපාරවල වර්ධනයට සහ සමෘද්ධියට තුඩුදෙන ගතික සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories