චීනය අමෙරිකාවට අනතුරු අඟවයි

Friday, 26 April 2024 - 13:21

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
චීනය අමෙරිකාවට අනතුරු අඟවා ඇති පුවතක් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ, අමෙරිකානු විදෙස් ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ වනවිට චීනයේ සංචාරය නිරත වන පසුබිමකයි.

අමෙරිකානු විදෙස් ලේකම්වරයා වසරක් තුළ චීනයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

එම සංචාරය අතරතුර චීනයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් සහ අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡා කිහිපයක් සඳහා සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චීන විදෙස් අමාත්‍ය වැන්ග් යී සමග අද (26) බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වා ඇති අතර, එහිදී පවසා ඇත්තේ චීනය සහ අමෙරිකාවට "ස්ථායිතාව සහ කඩා වැටීම" යන කාරණා දෙකෙන් එකක් තෝරා ගැනීමට අවස්ථාව ඇති බවයි.

මෙම සංචාරයේ අරමුණ ලෙස සටහන් වන්නේ ගැටලු මතුවී ඇති දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම බවයි සඳහන් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories