මුහමාලෙන් මිනිස් අස්ථි කොටස් හමුවේ

Sunday, 28 April 2024 - 11:09

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් පිරිසක් විසින් පොළවේ වළ දමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් සමඟ නිල ඇඳුමක් සොයාගෙන තිබෙනවා.

අනතුරුව ඔවුන් විසින් ඒ පිළිබඳව පලෙයි පොලිසියට වාර්තා කර ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

අදාළ ස්ථානයේ කැණීම් කටයුතු එළඹෙන සඳුදා (29) සිදුකිරීමට ඔහු නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories