තනතුර දික් කර ගන්න කාදිනල් හිමි වතිකානයෙන් ඉල්ලයි? - නෑ ඒක බොරුවක්! ජූඩ් ක්‍රිශාන්ත පියතුමා කියයි

Sunday, 28 April 2024 - 14:52

%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%3F+-+%E0%B6%B1%E0%B7%91+%E0%B6%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%21+%E0%B6%A2%E0%B7%96%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු වන තුරු, තම සේවා කාලය දීර්ඝ කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි‍යන් විසින් වතිකානයෙන් ඉල්ලා ඇති බවට පළ වන වාර්තා මුලුමනින් ම බව බැහැර කරන බව අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැවසුවා.

කෙසේ නමුත් කතෝලික සභාව විසින් බැහැර කරන මෙම පුවත සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ, අදාළ තොරතුරු වතිකානයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් හෙළිදරව් කර ඇති බවයි.

මේ අතර එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ වයස; ස්ථාපිත ප්‍රොටෝකෝලයන්ගෙන් වෙනස් වන බවත්, ඒවා නොසලකා හරිමින් උන් වහසේ තව දුරටත් එම ධුරයේ රැඳී සිටීමට උත්සහ ගන්නා බවයි.

කෙසේ නමුත් එම කරුණු බැහැර කරමින් ක්‍රිශාන්ත පියතුමා පැවසුවේ, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ව එම ධුරයේ තව දුරටත් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවල කැමැත්ත තිබුණත්, තවමත් පෙර කී මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයේ සෘජුව වතිකානය දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories