ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිර කැටි ඇතිවිය හැකි බව සමාගම ම පිළිගනී

Tuesday, 30 April 2024 - 12:19

%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බ්‍රිතාන්‍ය ඖෂධ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) විසින් නිෂ්පාදිත කොවිඩ් එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ ඇති කළ හැකි බවට එම ආයතනය පිළිගෙන ඇති බව එක්සත් රාජධානියේ ද ටෙලිග්‍රාෆ් (The Telegraph) පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව දාළ පුවත් වාර්තාව අනාවරණය කරන්නේ, අදාළ සමාගම විසින් නිෂ්පාදිත කොවිශීල්ඩ් (Covishield) නැමැති එන්නත මගින් දුර්ලභ ගණයේ රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩු වීමට හේතු විය හැකි බව එන්නත් නිෂ්පාදකයා විසින් පිළිගෙන ඇති බව අධිකරණ ලේඛනවල සඳහන් වන බවයි.

කොඩිඩ් වසංගතය අතරතුර ඇස්ට්‍රාසෙනිකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් (Oxford) විශ්වවිද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද කොවිශීල්ඩ් එන්නත, ඉන්දියාවේ සීරම් (Serum) ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද අතර මෙරට දී ද භාවිත කෙරුණා.

එන්නත භාවිතයෙන් පසු ඇති වූ බව කියන අතුරු විපාක සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනිකා සමාගමට එරෙහිව එක්සත් රාජධානියේ මහාධිකරණයේ නඩු 51ක් ගොනු කර ඇති අතර වින්දිතයින් විසින් පවුම් මිලියන 100ක් දක්වා වන්දි ඉල්ලා ඇති බවත් ද ටෙලිග්‍රාෆ් වාර්තා කරනවා.

කෙසේ නමුත් අදාළ සමාගමට එරෙහිව මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති අතර එක්සත් රාජධානියේ රජය තවමත් මෙම කාරණයට මැදිහත් වී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම නඩුවලට අදාළව පළමු පැමිණිලිකරු වන ජේමි ස්කොට් චෝදනා කර ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ දී තමා අදාළ එන්නත ලබාගෙන ඇති අතර රුධිර කැටිගැසීමකට මුහුණ දුන් බවත් පසුව මොළයේ ආබාධයක් ඇති වූ බවයි.

මෙය ඔහුට ඔහුගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් වී ඇති බවත්, ඔහු ප්‍රතිකාර ගන්නා අවස්ථාවේ දී රෝහල විසින් ඔහු මිය යන බව ඔහුගේ බිරිඳට තුන් වතාවක් ප්‍රකාශ ක‍ර ඇති බවත් අදාළ පුවත් වාර්තාව සඳහන් කරනවා.

කෙසේ නමුත් අදාළ පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් සිය කොවිෂීල්ඩ් එන්නත මගින් ඉතා දුර්ලභ අවස්ථාවන්හි දී මතු විය හැකි "TTS" හෙවත් රුධිර කැටි ගැසීම් සහ අඩු රුධිර පට්ටිකා අඩු කිරීම (Thrombosis with Thrombocytopenia Syndrome) හා සම්බන්ධ සංකූලතාව ඉකුත් පෙබරවාරි මාසයේ එක් අධිකරණ ලේඛනයක දී පිළිගෙන ඇති බවයි.

මේ අතර අදාළ පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ඇස්ට්‍රාසෙනෙකා සමාගම පළමු පැමිණිලිකරු වන ජේමි ස්කොට්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ආරක්ෂාවක් ඉදිරිපත් කර ඇති අතර, එය වින්දිතයින්ට සහ ශෝකයට පත් ඥාතීන්ට ගෙවීම් කිරීමට හේතු විය හැකි බවයි.

කෙසේ නමුත් එම මාධ්‍ය වාර්තාව සඳහන් කරන්නේ ඇස්ට්‍රාසෙනිකා සමාගමේ නවතම ප්‍රවේශය, එම සමාගම 2023 වසරේ දී දැරූ ස්ථාවරයට පටහැනි වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories