මැයි දින උත්සවවල ඩ්‍රෝන කැමරාවලට පොලිස් නිවේදනයක්

Tuesday, 30 April 2024 - 13:07

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හෙට (01) දිනයේ දිවයින පුරා පැවැත්වීමට නියමිත මැයි රැළි, පෙළපාලි සහ සැමරුම් උත්සවවල ඩ්‍රෝන කැමරා භාවිතයට අදාලව පොලීසියෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

දිවයිනපුරා සියළුම මැයිදින උත්සව සඳහා අනවසරයෙන් ඩ්‍රෝන කැමරා මගින් රූගත කිරීම සම්පූර්නයෙන්ම සහනම් වන බවත්, ඒ සඳහා නිසි අවසරයක් පොලීසිය හරහා ලබාගතයුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, අනවසරයෙන් අදාල උත්සව ඩ්‍රෝන කැමරා මගින් රූගත කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යාණුකූලව කටයුතු කරන බවද පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories