ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීමට ඇමැති ශෙහාන් ජොර්ජියාවට

Wednesday, 01 May 2024 - 10:10

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%99%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම සමුළුව හෙට (02) සිට ලබන 05 වැනි දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භ සාමාජිකයකු වන ශ්‍රී ලංකාව එහි මූල්‍ය පහසුකම් මගින් මෙරට ආර්ථික වර්ධනය සඳහා විවිධ සහය ලබා ගෙන ඇති බවද සඳහන්.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන අතර මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories