හිරු සළකුණේදී කළ ප්‍රකාශයෙන් විජයදාසත් ජනාධිපතිවරණයට මෛත්‍රීගෙන් සහතිකයක්

Wednesday, 01 May 2024 - 11:55

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවා.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්නගේ ගුණසමරු උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

විජයදාස රාජපක්ෂට පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමැත්තක් ඇති බවත් ඊට තමා සම්පූර්ණ සහය ලබාදෙන බවත් ‍රජයේ ඇමතිවරයකු වන ඔහු මේ වනවිට ඇමතිධූරය අතහැර නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමේ ඉඩකඩක් ඇති බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

පසුගිය සළකුණ වැඩසටහනේදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේනම් එය භාරගැනීමට තමා සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories