ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 15ක් පස්සට යයි

Saturday, 04 May 2024 - 8:53

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+15%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව 150 වැනි ස්ථානයට

Reporters Without Borders (RSF) විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලද 2024 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන පහළොවක් පහළ වැටී 150 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම්වල දී රටවල් 180කින් 135 වන ස්ථානය හිමි කර ගත්තා.

පාකිස්තානය 152 වැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාව මේ වසරේ 159 වැනි ස්ථානයේ පසු වෙනවා.

මාධ්‍යවේදීන්ට නිදහසේ සහ ස්වාධීනව වැඩ කිරීමට සහ වාර්තා කිරීමට ඇති හැකියාව මත මෙම දර්ශකය රටවල් 180ක් ශ්‍රේණිගත කරනවා.

ආසියා පැසිෆික් කලාපයේ - පුවත්පත් කලාවේ යෙදීම සඳහා ලෝකයේ දෙවන දුෂ්කරම කලාපය - මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ වඩාත්ම භයානක රටවල් දහයක් ද මෙහිදී නම් කර තිබෙනවා.

මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ, රටවලින් අඩකට ආසන්න ප්‍රමාණයක තත්වය “ඉතා බරපතල” බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.

යේමනය, සෞදි අරාබිය, ඉරානය, පලස්තීනය, ඉරාකය, බහරේනය, සිරියාව සහ ඊජිප්තුව යන සිතියමේ රතු කලාපයේ අනෙකුත් රටවල් අට සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ඇතුළත් වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories