දෙමාපියන් හා ගුරුවරුන්ගේ කර මතින් ගොස් ගෞරවය ලැබු විදුහල්පතිනිය

Saturday, 04 May 2024 - 9:38

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA
වවුනියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ කමලඅම්බිගෙයි සොක්කලිංගම්ගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් විදුහල්පතිනිය වෙත ගෞරවය පිරිනැමීමේ උත්සවයක් ඊයේ(03) විද්‍යාලයේදී පවත්වා තිබෙනවා.

විදුහල්පතිනිය විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් විසින් කරමතින් රැගෙන ගොස් ගෞරවය පිරිනැමීම එහිදි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පැරණි දෝලාවක් වැනි පුටුවක් සකස් කොට ඒ මතින් විදුහල්පතිනිය පාසල වටා රැගෙන ගොස් ගෞරව දැක්වීමට විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් කටයුතු කර ඇති බවද සඳහන්.

විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බවයි දෙමාපියන් පැවසුවේ.

කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන් අධ්‍යාපනය නංවාලීමට විදුහල්පතිනිය නිරතුරුව කටයුතු කළ බැවින් විදුහල්පතිනිය විශ්‍රාම යන දිනයේ තමන්ගේ කර මතින් රැගෙන යාමට කටයුතු කළ බවද දෙමාපියන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දෙමාපියන් පැවසූවේ මුදල මතම යැපෙන සමාජයක තම වැටුපෙන් කොටසක්ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විදුහල්පතිනිය ඇතැම් අවස්ථාවල කටයුතු කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories