අධික උෂ්ණත්වය හේතුවෙන් 9 දෙනෙක් ජීවිතක්ෂයට

Saturday, 04 May 2024 - 12:15

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ දිනවල ආසියාතික කලාපයට අධික උෂ්ණත්වයක් බල පැවැත්වෙන අතර මෙම උෂ්ණාධික කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයටයි.

අප්‍රේල් මාසයේ නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වී ඇති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28.12ක් වනවා.

වසර 51ට පසුව නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ද මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වෙතත් මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ට දරුණු ජල හිඟයකට ද මුහුණ දීමට සිදු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories