වියට්නාමයටත් වාර්තාගත උෂ්ණත්වයක්

Sunday, 05 May 2024 - 10:11

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අධික තාප තරංග හේතුවෙන් වියට්නාමයෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවී තිබෙනවා.

ගතවූ දින දෙක තුළ වියට්නාමයෙන් සෙල්සියස් අංශක 44 ක් වාර්තාවී තිබූ අතර, එය මෙතෙක් එරටින් වාර්තාවූ වැඩිම උෂ්ණත්වය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වියට්නාමයේ මීට පෙර වාර්තාවූ ඉහළම උෂ්ණත්වය වූයේ පසුගිය වසරේ මැයි හත්වනදා වාර්තාවූ සෙල්සියස් අංශක 44.2 කයි. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දකුණු වියට්නාමයේ ඩොං නයි ප්‍රදේශයේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් ද මිය ගොස් ඇති බව සඳහන්.

අධික තාපය ඉන්දියාවේ සිට පිලිපීනය දක්වාම පැතිර ගොස් ඇති අතර, බංගලාදේශය සහ මියන්මාරයෙන් ද අප්‍රේල් මාසයේ දී අධික උෂ්ණත්වයක් වාර්තා වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories