හොරණ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට

Sunday, 05 May 2024 - 15:44

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අද (5) පස්වරුවේ සිදු වූ හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර වෙඩික්කරු ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තබා තිබෙනවා.

අද උදෑසන 10.45ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර මෙම ව්‍යාපාරිකයා හොරණ ප්‍රදේශයේ සිට බිරිද හා දරුවා සමඟ ග්‍රේස්ලන්ඩ් ප්‍රදේශයේ සිය නිවසට කැබ් රථයෙන් පැමිණි අවස්ථාවේ රියදුරු අසුනේ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවටයි අනාවරණය වී ඇත්තේ.

තුවාලකරු හොරණ දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ මුහුණට තුවාල සිදුවී තිබෙනවා.

ඔහු නවාතැන ඉදිරිපිට මාර්ගයේ වාහනය නතර කරසිටියදී ඔහුගේ බිරිඳ ඉන් බැස දරුවා නිවසට රැගෙන ගොස් නැවත ආපසු වාහනයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී ඒ අසල යතුරු පැදිය නතර කර වෙඩික්කරු ඔහුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වාහනය සුළු දුරක් ඉදිරියට ධාවනය කර නතර කර ඇති අතර රියදුරු අසුන අසල ඇති වීදුරුවේ වෙඩි සලකුණු දෙකක් සටහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ව්‍යාපාරිකයා හොරණ ප්‍රදේශයේ මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරයක් සිදු කරන වල්පිටගේ සංජය අයන්ත නැමැති අයෙකු වන අතර ඔහුගේ මුඛයට වෙඩි පහර වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories