යතුරුපැදියෙන් ගාලු පාරේ වැඩ දැමු තරුණයින් 20 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 05 May 2024 - 21:24

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගාලු පාරේ මිලාගිරිය ප්‍රදේශයේදී සෙසු වාහනවල ගමනාගමනයට බාධා වන අන්දමින් අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය කටයුතු කළා.

සිරිතක් ලෙස සති අන්තයේ රාත්‍රී කාලයේදී ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර සහ හැව්ලොක් පාරේ මොවුන් මෙලෙස යතුරුපැදි ධාවනය කර තිබුණා.

කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන මාර්ග අතරින් ගාලු පාර හැඳින්වෙන්නේ වඩාත් කාර්යබහුලම මාර්ගය ලෙසයි.

දහවල් කාලයේ පමණක් නොව රාත්‍රියේ සහ අලුයමත් බස්, ලොරි සහ මෝටර් රථ ඇතුළු වාහන දහස් ගණනක් ගාලු මාර්ගය භාවිත කරන ආකාරය සුලබව දැකගත හැකියි.

අද අලුයම 3ට පමණ එලෙස ගාලු පාර කාර්යබහුල වී තිබූ පසුබිමක බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේදී යතුරුපැදිකරුවන් පිරිසක් මාර්ගයේ අනාරක්ෂිත අන්දමින් යතුරුපැදි ධාවනයේ නිරතවන අයුරුයි මේ.

යතුරුපැදිකරුවන් 20 දෙනෙකු ඔවුන්ගේ යතුරුපැදි රැගෙන මාර්ගයේ මෙලෙස ධාවනය කරන්නේ සිය යතුරුපැදිවල පැතිකණ්නාඩිද නොමැතිවයි.

මෙම අනාරක්ෂිත යතුරුපැදි ධාවනයෙන් මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවලට මෙන්ම මහමඟ ගමන් ගන්නා ජනතාවට සහ නිවෙස්වල නිදා සිටින ජනතාවටත් එල්ල වන්නේ දැඩි බාධාවක්.

ඒ අනුව මෙම පිරිස සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ලද තොරතුරක් මත අදාළ යතුරුපැදි ද සමග යතුරුපැදි ධාවකයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.

සිරිතක් ලෙස සති අන්තයේ රාත්‍රී කාලයේදී ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර සහ හැව්ලොක් පාරේ මොවුන් මෙම යතුරුපැදි ධාවනය සිදුකර තිබෙනවා.

පිටුපස රෝදයෙන් පමණක් ගමන් කිරීම , මාර්ගයේ විරුද්ධ දිශාවට ගමන් කිරීම සහ මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහන අතරින් වේගයෙන් ගමන් කිරීම වැනි අපරික්ෂාකාරි ධාවන ක්‍රම හේතුවෙන් මෙම යතුරුපැදිකරුවන් සෙසු රියැදුරන්ගේ ජීවිත හෙළන්නේ දැඩි අවදානමකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories