ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙයි

Monday, 06 May 2024 - 8:53

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දීමනා ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබා ගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවයි වාර්තා වෙන්නේ.

ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න පවසා සිටියේ 14,000කට අධික ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (05) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories