නිෂ්පාදන පහත වැටුණත් සුරාබදු දෙපාර්තමේන්තුවේ 26%ක ආදායම් වැඩිවීමක්

Monday, 06 May 2024 - 9:58

%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+26%25%E0%B6%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි ප්‍රකාශ කළේ, සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම අඩු වුවද, මෙම වසරේ මුල් මාස 4 තුළ එම දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද නිෂ්පාදන බද්දට සාපේක්ෂව වසරකට 26%ක සුරාබදු වැඩිවීමක් සාර්ථකව වාර්තා කර ඇති බවයි.

සුරාබදු ගාස්තු ඉහළ නැංවීම සහ දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන ප්‍රයත්නය මෙයට හේතු වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

2024 වසරේම 15%ක මිල වැඩිවීමක් සමඟ පසුගිය වසර දෙක තුළ සුරාබදු ගාස්තු තියුණු ලෙස ඉහළ යාම සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමට අහිතකර ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, සියලුම සුරාබදු භාණ්ඩවල නිෂ්පාදන පරිමාවන් 2022 දී වාර්තා වූ පරිමාවන්ට වඩා පිටුපසින් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

"අපි තවමත් 2022 නිෂ්පාදන පරිමාවට ළඟා වී නෑ. කෙසේ වෙතත්, මිල වැඩිවීම සහ අපගේ ක්‍රියාවන් 2023 හා සසඳන විට 2024 පළමු මාස හතර තුළ 26% ආදායම් වැඩිවීමක් ලබා ගැනීමට අපට හැකියාව පවතිනවා. 2024 වසරේ මුල් මාස හතර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයූ ආදායම මේ වසර ආරම්භයේ දී ඇති කළ ඉලක්ක සමඟ සංසන්දනය කිරීමේදී දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කයෙන් 98%ක් සපුරලා තියෙනවා.

එමෙන් ම බීඩි නිෂ්පාදකයින් සුරාබදු බදු වගකීම්වලට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව දැඩි ස්ථාවරයක සිටින බව සඳහන් කළ ඔහු පෙන්වා දුන්නේ නියමිත වේලාවට බදු ගෙවීමට අපොහොසත් වුවහොත් එවැනි නිෂ්පාදකයින් සඳහා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අවලංගු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories