VFS ආයතනය ඉන්දියානු සමාගමක් නොවේ, ඇමති ටිරාන් පහදයි (වීඩියෝ)

Monday, 06 May 2024 - 11:34

VFS+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉකුත් දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මතුව ඇති වීසා ගැටලුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ, VFS ආයතනය Black stone සමූහයට වැඩි වශයෙන් කොටස් අයත් ජාත්‍යන්තර ආයතනයක් බවත්, එහි අනෙක් කොටස්කරු ජර්මනියේ කූනි සමාගම වන බවයි.

මේ අතර පවතින මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් VFS ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

තව ද ඉකුත් දා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මගියෙකුගේ හැසිරීම සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝව හරහා ඔහු මෙම ආයතනය ඉන්දීය ආයතනයක් බව ප්‍රකාශ කළත් එය බැහැර කරමින් අමාත්‍යවරයා පැවසුවේ එම අවස්ථාවේ දී එම වීසා කවුන්ටරවල සේවකයන් ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු බවයි.

ඔවුන්ගේ නම් ගම් ද තමා සතු බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, VFS ආයතනයට වීසා නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකි බවත්, වීසා නිකුත් කිරීම සහ බැහැර කිරීම සම්බන්ධ තීරණ ගනු ලබන්නේ මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ම පමණක් බවයි.

තව ද මෙම කටයුත්ත සම්බන්ධයෙන් විරෝධතාව ඉකුත් මැයි පළමු වැනි දා හෝ ඊට ආසන්න දිනක දී මතු වුවත්, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ VFS ආයතනය විසින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ ඉකුත් අප්‍රෙල් 17 වැනි දා බවත් අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.

කෙසේ නමුත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ මෙවැනි ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා මීට වසර 4කට පෙර අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ලැබී තිබූ බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories