ශ්‍රී ලංකා කණ්ඩායම අමෙරිකාවට යන්න කලින් තානාපතිනිය හමු වෙයි

Monday, 06 May 2024 - 16:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් හමු වී තිබෙනවා.

එම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිවරිය සිය ‘X’ ගිනුමේ සටහනක් තබමින් සඳහන් කළේ, මෙය ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා මෙය වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි.

මේ අතර එම පණිවිඩයේ ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, "ඔවුන්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැකයි!" යනුවෙන්.

කෙසේ නමුත් මෙම හමුව සිදු වන්නේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන අවසන් සංචිතය නම් කර නැති පසුබිමක වන අතර, නුදුරේ දී ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම එළඹෙන මැයි 14 වැනි දා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත අතර තරගාවලිය එළඹෙන ජුනි මාසයේ දී පැවැත් වීමට නියමිතයි.

මෙම ලෝක කුසලාන තරගාවලිය මෙය එක්සත් ජනපදයේ පැවැත්වෙන පළමු ICC ඉසව්ව වන අතර එය එරට ස්ථාන තුනක දී පැවැත් වෙනු ඇත.

එම ස්ථාන වන්නේ නිව් යෝර්ක් හි ඉදිනව ආසන 34,000කින් සමන්විත NASSAU ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය (Nassau County International Stadium), ඩලස් හි ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රෑන්ඩ් ප්‍රයර් (Grand Prairie) ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ලෝඩර්හිල් හි බ්‍රොවාඩ් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගනය (Broward County Stadium) යි.

එහි දී නිව්යෝර්ක් නුවර තරග අටකට සත්කාරකත්වය දරන අතර අනෙක් ක්‍රීඩාංගණ දෙකේ තරග හතර බැගින් පැවැත් වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ සම සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ඇන්ටිගුවා හා බාබුඩා, බාබඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් සහ ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ වැනි ප්‍රසිද්ධ ස්ථානවල තරග පැවැවෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories