චීනයට අමෙරිකාවෙන් නව තීරු බදු පැනවීමක්

Tuesday, 14 May 2024 - 16:27

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එළඹෙන සතියේ දී චීනයට නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව විද්‍යුත් වාහන ඇතුළු උපායමාර්ගික අංශ ඉලක්ක කර ගනිමින් එම සම්බාධක පැනවෙනු ඇති බවයි පැවසෙන්නේ.

චීනයෙන් ආනයනය කෙරෙන අර්ධ සන්නායක ඇතුළු තවත් විද්‍යුත් උපකරණ කිහිපයක් ද ඇතුළත් වන පරිදි එම තීරුබදු නියම කර ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්වා.

කෙසේ නමුත් පනවනු ලබන තීරුබදුවල නිශ්චිත වටිනාකම හෝ කාණ්ඩ පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති අතර උපායමාර්ගික තරඟකාරී සහ ජාතික ආරක්ෂක ක්ෂේත්‍ර තුළ උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර කෙරෙහි බලපෑමක් ඇති කරවන බවට සැක කෙරෙන අංශ වෙත මෙලෙස නව තීරු බදු පැනවෙනු ඇතැයි එම් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සති කිහිපයකට පෙර මෙම තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ධවල මන්දිරයට සිය නිර්දේශ ඉදිරිපත් කර තිබුණ නමුත් එම නිර්දේශ අභ්‍යන්තරව විවාදයට ලක් වූ බැවින් අවසාන නිවේදනය ප්‍රමාද වූ බව‍යි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories