මෝදිට ඡන්ද තහනම් කරන්න ඉල්ලපු පෙත්සමක් විසිවෙයි

Tuesday, 14 May 2024 - 20:49

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට වසර හයක මැතිවරණ තහනමක් පනවන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා.

මහජන නියෝජන පනත යටතේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මැතිවරණවලට ඉදිරිපත්වීම තහනම් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී වෛරී ප්‍රකාශ සිදුකිරීම සහ චර්යා ධර්ම උල්ලංඝනය කිරීම යන චෝදනා ඊට අදාළව පෙත්සම්කරු ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත්තේ පෙත්සම්කරුගේ ඉල්ලීම් පළමුව ඊට අදාළ බලධාරීන් වෙත යොමුකළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories