එංගලන්තයේ සුපිරි හෝටලයක අයිතිය ලංකාවේ සමූහයකට

Wednesday, 15 May 2024 - 12:29

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
එංගලන්තයේ ඩර්බි හි පිහිටි දෙවැනි ශ්‍රේණියේ හෝටලයක් වන කැතඩෙල් ක්වාටර් (Cathedral Quarter) නැමැති හෝටලයේ අයිතිය තමන් සතු කර ගන්නට මෙරට සමූහ ව්‍යාපාරයකට හැකියාව ලැබී තිබෙනවා.

ඒ 2008 වසරේ සිට එහි හිමිකරු ලෙස කටයුතු කළ ද ෆයිනස් කලෙක්ෂන් (The Finesse Collection) වෙතින් ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරය මිලට ගැනීමෙන් අනතුරුවයි.

කැතඩෙල් ක්වාටර් හෝටලය 19 වැනි සියවසේ ඉදිකරන ලද වික්ටෝරියානු ගෘහනිර්මාණ ශිල්පයට අයත් ගොඩනැගිල්ලක් වන අතර එය නිදන කාමර 38ක් සහිත බුටික් (Boutique) වර්ගයේ හෝටලයක්.

ශාන්ත මරියා ගේට්ටුවේ, ඩර්බි හි වාණිජ දිස්ත්‍රික්කයේ හදවතෙහි පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල මීට පෙර පොලිස් ස්ථානයක් ලෙසත් සභා මූලස්ථානයක් ලෙසත් භාවිත කර ඇති අතර 2008 දී, ද ෆයිනස් කලෙක්ෂන් විසින් එය බුටික් හෝටලයක් බවට පරිවර්තනය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories