ලාල් කාන්ත ඇතුළු පිරිසකට අධිකරණයෙන් වාරණ නියෝගයක්

Wednesday, 15 May 2024 - 13:18

%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත ඇතුලු එම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසකට විරෝධතා පැවැත්වීම වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරුවේ ඔවුන් මෙරට ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය කළ ඉල්ලීමට අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එමගින් ඔවුන්ට ටෙක්නිකල් මංසන්ධියට, ඉබ්බන්වල හන්දිය සහ ටී බී ජයා මාවතට ඇතුල්වී ජනතාවට හෝ පදිකයින්ට බාධා වන අයුරින් විරෝධතා සිදු කිරීම වළක්වා තිබෙනවා.

මෙලෙස අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති පිරිසට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සහ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ද ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories