ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ඉරානය පරදවයි

Wednesday, 15 May 2024 - 17:47

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වරට ඉරාන කණ්ඩායම පරාජයට පත් කර තිබෙනවා.

ඒ මධ්‍යම ආසියානු වොලිබෝල් තරගවලියේ දීයි.

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ හතරවන තරගය මෙසේ ඉරානය සමග පැවැත් වුණු අතර එහිදී මෙම ඓතිහාසික ජයග්‍රහණය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම මෙම තරගය වට 3/0 ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ලද දෙවන ජයග්‍රාහණය මෙය වනවා.

මීට පෙර අවස්ථාවේ දී මධ්‍යම ආසියානු වොලිබෝල් තරගවලියේ ඇෆ්ගනිස්ථාන පිල පරාජයට පත් කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories