රේගුවෙන් ඇල්ලූ ලක්ෂ 90ක මත්ද්‍රව්‍ය තොගය

Wednesday, 15 May 2024 - 18:02

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+90%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA
විදේශ රටවල් 03කින් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ පාර්සල් කිහිපයකින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

සැක මතු වූ පාර්සල් කිහිපයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී, එම පාර්සල් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

එහිදී මත්පෙති 150ක්, කුෂ් ගංජා විශේෂය ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 09කට ආසන්න වන බවයි රේගුව පවසන්නේ.

මෙම පාර්සල් කැනඩාව, එංගලන්තය සහා නෙදර්ලන්තය යන රටවල සිට දෙහිවල, වැල්ලවත්ත, වේයන්ගොඩ, අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබූ අතර ඒවා ව්‍යාජ ලිපිනයන් බවට රේගුව තහවුරු කරගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories