පළාත් පාලන මැතිවරණය සදහා කැදවූ නාම යෝජනා අවලංගු කිරීම මේ මොහොතේ ප්‍රායෝගිකව කල නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
එවැන්නක් සිදුකල යුත්තේ පාර්ලිමේන්තු පනතකින් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින්ද පසුව බවයි ඔහු සදහන් කළේ.
පලාත් පාලන මැතිවරණයට කැදවු නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ සදහන් කළා.
අමාත්‍යවරයා කියා සිටියේ නාම යෝජනා භාරදී ඇති අපේක්ෂකයන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය මේ පිළිබදව අවධානය යොමුකර ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය ආසන්නයේ ග්‍රාමීය මට්ටමෙන් රාජ්‍ය දේපල අවභාවිතාවක් සිදුකිරීමට රජය සුදානම් වන්නේද යන්න පිලිබද සැක මතුවන බවයි.

Follow US

Most Viewed Stories