වෙඩි ප්‍රහාරයකින් ස්ලෝවැකියාවේ අගමැති තුවාල ලබයි

Wednesday, 15 May 2024 - 19:10

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ස්ලෝවැකියාවේ අගමැති රොබට් ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අගනුවරට කිලෝමීටර් 150ක් පමණ ඊසාන දෙසින් පිහිටි හැන්ඩ්ලෝවා නගරයේ සංස්කෘතික මන්දිරයෙන් පිටතදී වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී ඇති බව සඳහන්.

එම වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලැබූ අගමැති රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

59වන වියේ පසුවන අහමැති ෆිකෝගේ බඩට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර සිදුවීමට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක Lubos Blaha පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර මෙම වෙඩි තැබීමේ සිද්ධිය තහවුරු කළ අතර පාර්ලිමේන්තුව නැවත දැනුම් දෙන තුරු කල් තැබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජනාධිපති Zuzana Caputova අගමැතිවරයාට එල්ල වූ මෙම ප්‍රහාරය “ම්ලේච්ඡ හා නිර්දය” ප්‍රහාරයක් ලෙසින් හෙළා දැක තිබෙනවා.

තමන් ඉතා කම්පනයට පත්ව ඇති බවත් අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජනපති Zuzana Caputova ප්‍රකාශකර සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories