වයඹ රෝහල් වර්ජනයෙන් රෝගීන් අසීරුතාවට

Wednesday, 15 May 2024 - 20:34

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදු කරන වර්ජන ක්‍රියාමාර්ගයට අදාළව වයඹ පළාතේ සියලුම රජයේ රෝහල් අද පැය 4ක සංකේත වැඩ වර්ජනයක් දියත් කළා.

වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.

මේ අතර අදාළ වර්ජන ක්‍රියාමාර්ගය හෙට දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ඩැට් දීමනාව ලබාදීම මෙන්ම සෞඛ්‍ය සේවකයින් සඳහා වැඩි කිරීමට පොරොන්දු වූ රුපියල් 3,000ක දීමනාව එක් පාර්ශ්වයකට පමණක් ලබාදීමට රජය කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් මෙම වැඩවර්ජනයට එක්වුණා.

වයඹ පළාතේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් පත්වුණේ දැඩි අසීරුතාවකටයි.

වර්ජනය හේතුවෙන් හෙද සත්කාර සේවා, පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු සත්කාරක සේවා මෙන්ම අතුරු වෛද්‍ය සේවයේ
සියලු සත්කාරක සේවාවන්ද අඩපණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories