සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ට උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ඇරඹේ

Wednesday, 15 May 2024 - 21:14

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%A2%E0%B7%96%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%83+4+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වූ අතර විභාගයට මුහුණ දුන් සිසුන්ට අදාළ උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ලංකා ගුරු සංගමය පවසන්නේ මෙලෙස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීම නිසා මතුවන ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

මේ අතර පසුගියදා මතභේදයට ලක් වූ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා නිදහස් ලකුණු 02ක්ද ලබා දීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ආරම්භ වූ අතර එම විභාගය අදින් අවසන් වුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ පසුබිමක අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන ජූනි මස 4 වැනිදා සිට උසස් පෙළ හැදැරීමට හැකියි.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ මෙලෙස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේදී පැන නගින ප්‍රයෝගික ගැටලු සදහා නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories