තුන් නිවුන් පැටවුන්ගේ දුක හිතෙන කතාව

Wednesday, 15 May 2024 - 22:27

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහ වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රියේ ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මෙම මවට තවත් අවුරුදු 03 ක පුංචි දියණියක්ද සිටින අතර ,මීට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ තුන් නිවුන් දරු උපත සිදුකර ඇත්තේ හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි මවක්.

මේ දරුවන්ගේ පියා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවෙන බවයි වාර්තා වෙන්නේ .

දරුවන්ගේ මව හා පියා දඹුල්ල රෝහලෙන් දරුවන් තුන් දෙනා අරගෙන සුපුරුදු වන මැද පැලට ඊයේ (14) පස්වරුවේ මොර සුරන වරුසාවේ රැගෙන විත් තිබෙනවා.

වරුසාවට පුංචි පැල තෙමි හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගැනීමට හැකිවී තිබෙනවා.

දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ මෙම ගමට යායුතුව ඇති බව සඳහන් .

මව පවසා සිටියේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරෙන්න වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කල බවයි .

මෙම පැටවුන් රැගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කල නිවසට විදුලිය, ජලය කිසිවක් නොමැති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories