අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර නිවසට යමින් සිටි සිසුවියක් වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටි තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත්ව තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පෙනී සිට කුළුගම්මන ප්‍රදේශයේ එම සිසුවිය නවාතැන් ගැන සිටි නිවසට යමින් සිටියදී යටිහලගල හන්දියේදී පැහැරගෙන යාමට තැත් කර ඇති බවයි අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න හිරු නිව්ස් වෙත සඳහන් කළේ.
සිද්ධිය වූ අවස්ථාවේ ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙක් පැහැරගැනීම වැළැක්වීමට උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ.
පසුව එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
එහිදී වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිසිය වෑන් රථය හඹා ගොස් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වෑන් රථය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
පැහැර ගැනීමට පැමිණි තරුණයින්ගෙන් එක් අයෙක් අදාල සිසුවියගේ පැරණි පෙම්වතෙක් බවට අනාවරණය වී ඇති බව අලදෙණිය පොලීසිය පැවසුවා.
සැකකරුවන් හෙට (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Follow US
Most Viewed Stories