හිරු උත්තම ධාතු වන්දනාව - දෙවැනි දිනය අදයි, අලු විහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි (වීඩියෝ)

Saturday, 25 May 2024 - 7:52

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+-+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%AF%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන දෙවන දිනටත් අද (25) ඓතිහාසික මාතලේ අලු‍විහාර පුදබිමේදී පැවැත්වෙනවා.

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන මෙම සර්වඥධාතූන්වහන්සේ වන්දනාව සඳහා මේ වනවිටත් දිවයිනේ සතර දෙසින් ලක්ෂ සංඛ්‍යාත සැදැහවතුන් පැමිණෙමින් සිටිනවා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්ව ඥධාතූන්වහන්සේ මෙන්ම, සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ සියැසින් දැක - වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනින් උදා කර දී තිබෙනවා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව ක්‍රියාත්මක හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන, පුරා වසර ගණනාවක් අඛණ්ඩව සිදු කෙරෙන්නේ බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමින්.

පසුගිය වසර ගණනාවක් තිස්සේ මේ මාහැඟි උතුම් අවස්ථාව දැක බලා ගැනීමට වාසනාවන්ත වූ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් එහි ජීවමාන සාක්ෂිකරුවන් බවට පත් වුණා.

ඒ අනුව මෙවරත් සම්බුදු තෙමගුල වෙනුවෙන් ඓතිහාසික මාතලේ අලු‍විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනාමාන කෙරෙන හිරු උත්තම ධාතු වන්දනාවට පෙරේදා රාත්‍රීයේ සිටම සැදැහැවත් ජනතාව කිලෝමීටර් ගණන් දිගු පෝලිම්වල රැඳි සිටියා.

ඊයේ (24) අලු‍යම හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් ධාතූන් වහන්සේ ඓතිහාසික මාතලේ අලු‍විහාර පුද බිමට වැඩම කෙරුණේ, හේවිසි හඩ සහ මල් වරුසා මධ්‍යයේයි.

සැදැහැවතුන්ගේ සාධු නාද මැද ඓතිහාසික මාතලේ අලු‍විහාර පුදබිමේ ඉදිකර ඇති විශේෂ ධාතු මන්දිරයේ ධාතූන් වහන්සේ තැන්පත් කෙරුණා.

අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අෂ්ඨපරිෂ්කාරයෙන් යුතු උදෑසන බුද්ධ පූජාව පවත්වනු ලැබුවේ බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව පවත්වන ආකාරයෙන්මයි.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඓතිහාසික මාතලේ අලු‍විහාර පුද බිමට වැඩම කරවීමේ අවස්ථාව වෙනුවෙන් වැඩමකර සිටි මහත් සඟරුවන අනතුරුව පිරිත් සජ්ජායනය කළා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ ඓතිහාසික අවස්ථාව සුවහසක් සැදැහැවතුන්ට උදා වුණේ මල් වරුසා මැදයි.

ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම වෙනුවෙන් ඓතිහාසික මාතලේ අලු‍විහාර පුද බිමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා විසින් මෙවරත් උදෑසන ආහාරය සහ දහම් පඩුරක් ලබා දුන්නා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අරමුණින් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් මේ මොහොත වන විටත් ඓතිහාසික මාතලේ අලු‍විහාර පුදබිම වෙත පැමිණෙමින් සිටිනවා.

පැමිණෙන සියලු‍ම සැදැහැවතුන්ට අවශ්‍ය සියලු‍ පහසුකම් හිරු මාධ්‍ය ජාලය විසින් මාතලේ අලු‍විහාර පුදබිමේ සූදානම් කර තිබෙනවා.

හෙට උදෑසන දක්වා ඓතිහාසික මාතලේ අලු‍විහාර පුණ්‍ය භූමියේදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories