කටුකුරුන්ද ඝාතනයට තුන්දෙනෙක් කොටුවෙයි

Saturday, 25 May 2024 - 10:32

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් ති‍දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (24) සවස නුගේගොඩ සහ පැලපිටියාගොඩ ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ‍ගෙන තිබෙනවා.

ඉකුත් 20 වැනිදා රාත්‍රීයේ යතුරුපැදියකින් කටුකුරුන්ද ප්‍රදේශයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍ෙනකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා පළා ගොස් තිබුණා.

මෙම සැකකරුවන් අවුරුදු 24, 39, 41 වයසේ පසුවන්නන් බවත් ඔවුන් තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙනවා.

මොවුන් සතුව තිබියදී ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 2ක්, ජීව පතරොම් 4ක්, කේරළ ගංජා කිලෝ 1ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 340,000ක් සමග කාර් රථයක් ද පොලිස් භාරයට ‍ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලීසිය විසින් සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories