ආපදා පාලනයට සිංගප්පූරු මොඩල් ජාතික වැඩපිළි‍වෙලක්

Saturday, 25 May 2024 - 12:24

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E2%80%8D%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
අයහපත් කාලගුණය නිසා සිදුවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය මේ සඳහා අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.

ගස් කඩා වැටීම නිසා සිදුවු මරණ 6ක් සහ තුවාල ලැබු සංඛ්‍යාව 11ක් බවට නිරීක්ෂණය වෙනවා.

මේ අනූව ගස් කඩා වැටීම්වල වැඩිවීමක් තිබෙන බවත් අපේ රටේ ගස් සිටුවීම ගැන කිසිදු ප්‍රතිපත්තියක් නැති බවයි ඔහු පවසන්නේ.

ඒ ගැන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යෝග්‍ය නිසා සිංගප්පූරු මෝඩලය අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු
වන බව අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව ඉදිරි කාලයේ දී මාර්ගය දෙපස සිටුවීමට සුදුසු ගස් ගැන ජනතාව දැනුවත් කර ප්‍රතිපත්තියක් සැකසීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

මේ ගැන වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට භාරදීලා තිබෙන බවත් විශේෂ කමිටුවක් මගින් ජාතික ප්‍රතිප්තිය සැකසීමට බලාරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

ගස් කඩා වැටීම්වල වර්ධනයක් නිරීක්ෂණය වන බවත් පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවන් 4 දෙනෙක් සුළු තුවාල ලබා ඇති බව පැවසුවා.

ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය ප්‍රමුඛව ලබාදෙන්න කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධිකාරිය සහ පළාත් පාලන ආයතනවල සහාය මේ සඳහා බලාරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ගස් සම්බන්ධයෙන් අවධානමක් නිකුත් කරන්න අපේ රටේ ආයතනයක් හෝ ක්‍රියාවලිය නැති බවද ඒ වගකීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබාදෙන්න කටයුතු කරන බවද පැවසුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories