පුරවැසියන්ට තම වත්කම් පිළිබඳව දැනුම්දීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් (වීඩියෝ) / (නිවේදන)

Saturday, 25 May 2024 - 12:49

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29+%2F+%28%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%29
පුරවැසියන්ට තම නිශ්චල සහ චංචල වත්කම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම්දීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එම කටයුතු එළඹෙන ජූලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය, හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු වනවා.

එසේ ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑ ම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලු ම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් අතර ආයෝජන පිළිබඳ තොරතුරු සහ කොටස් ගනුදෙනු සහ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර පිළිබඳ තොරතුරු ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

තව ද මේ ආකාරයෙන් රැස් කෙරෙන අදාළ තොරතුරු සම්බන්ධයෙන් සඳහන් කරන අර්නස්ට් සහ යංග් (Ernst and Young) සමාගම පෙන්වා දෙන්නේ, පහත නිවේදනයේ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම තොරතුරු රැස් කිරීම සිදු කෙරෙන බවයි.


නිවේදනය සඳහා මෙතැනින් පිවිසෙන්න




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories