දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළුවෙයි - මුහුදු නොයන්නැයි උපදෙස්

Saturday, 25 May 2024 - 13:16

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
මන්නාරම සිට කල්පිටිය, කොළඹ, ගාල්ල සහ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ මුහුදු ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් රළ උස මීටර 2.5 සිට තුන දක්වාද ඉහළ යනු ඇති.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසයි නාවික හා ධීවර ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම මන්නාරම සිට කල්පිටිය, කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුද රළ ගොඩබිබමට පැමිණීමේ හැකියාවද පවතිනවා.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 30 සිට 60 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories